Latest News

ගෙවී ගිය මාස 07ට ලංකාවෙන් ඩෙංගු මරණ 16ක් වාර්තා වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මේ වසරේ ගෙවී ගිය කාලයේදී ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 16ක් සිදුව තිබෙනවා.

එමෙන්ම ගෙවීගිය දින දෙකක කාලයෙහිද ඩෙංගු රෝගීන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර මේ අනුව මේ මස 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා ගෙවීගිය දින 10 තුළදී ඩෙංගු රෝගීන් 1,308 ක් වාර්තා වී තිබෙනවා.

මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 10 වැනි දින දක්වා කාලයෙහිදී ඩෙංගු රෝගීන් 34,053 ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

මේ වසරේ ජනවාරි 01 වැනි දින සිට මේ මස 08 වැනි දින වන විට ඩෙංගු මරණ 14 ක් වාර්තා වී තිබෙන අතර ගෙවීගිය දින දෙකක කාලයෙහිදී ඩෙංගු මරණ දෙකක් වාර්තා වීමත් සමග එම ප්‍රමාණය 16 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය මස දී ඩෙංගු රෝගීන් 4,506 ක්, ජූනි මාසයේදී ඩෙංගු රෝගීන් 3,319 ක්, මැයි මාසයේදී රෝගීන් 2,647 ක්, අප්‍රේල් මාසයේදී රෝගීන් 2,234 ක්, මාර්තු මාසයේදී රෝගින් 3,615 ක්, පෙබරවාරි මාසෙයේදී රෝගීන් 6,007 ක් සහ ජනවාරි මාසයේදී රෝගීන් 10,417 ක් වාර්තා වී තිබෙනවා.

ඩෙංගු රෝගය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස බල ප්‍රදේශ 21ක අධි අවදානම් මට්ටමින් පැතිර යන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

World News