සති දෙකක සිට අතරමංවී සිටි ජර්මානු සංචාරක කාන්තාව බටහිර ඔස්ට්‍රේලියාවේ පිටිසර ප්‍රදේශයකදී හමුවී තිබෙනවා.
කැරොලිනා විල්ගා නම් ඇය විජලනයෙන් සහ ඉතා දුර්වලව සිට ඇති අතර ඇය පර්ත් සිට කිලෝමීටර් 300 කට වඩා ඊසාන දෙසින් පිහිටි කැරවුල් හිල් රක්ෂිතයේ මාර්ගයක් අසල ඉතා අපහසුවෙන් සිටි බවයි පැවසෙන්නේ.
පසුව මෝටර් රථයක් දැක එය නවත්වා ඇති අතර අද උදෑසන එම කාන්තාව රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ බවයි බටහිර ඔස්ට්‍රේලියා රහස් පොලිස් පරීක්ෂකවරියක් කියාසිටියේ.
රහස් පරීක්ෂකවරිය පවසන්නේ ඇය ඉතා වෙහෙසට පත්ව ආහාර නොමැතිව සිට ඇති අතර ඇයට සහය දුන් මෝටර් රථ රියදුරුට ප්‍රජාවේ ස්තූතිය පිරිනමන බවයි.
විල්ගා ජුනි 29 වනදා සිට අතුරුදහන්ව සිටි අතර ඊයේ පොලිසියට ඇගේ මෝටර් රථය සොයා ගැනීමට හැකි වුණා.
එය යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් නැවතී ඇති බැවින් උදව් ඉල්ලීම වෙනුවෙන් මෙම ජර්මානු කාන්තාව වාහනය අතහැර ඇවිද ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එවැනි කරදරයකදී වාහනයේම රැඳී සිටින ලෙසත් පුද්ගලයෙකු සොයාගැනීමට වඩා වාහනයක් සොයාගැනීම පහසුවීම ඊට හේතුව බව පොලීසිය අවධාරණය කළා.
