චීනයේ Chang’e-6 චන්ද්‍ර ගවේෂණ යානයෙන් පෘථිවියට රැගෙන එන ලද චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශයන් හි පාංශු සාම්පල යොදා ගනිමින් සිදු කළ නවතම පර්යේෂණයන් හි ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල පරිණාමය පිළිබඳ අනාවරණයක් සිදු කළ ලොව ප්‍රථම රට බවට චීනය පත්වනවා.
චීන විද්‍යා ඇකඩමිය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බව සඳහන් කළා.
ඒ අනුව, චන්ද්‍රයාගේ ඈත ප්‍රදේශවල ගිනිකඳුවල ස්වභාවය, ඉපැරණි චුම්බක ක්ෂේත්‍රය, චන්ද්‍ර ප්‍රාවරණයෙහි ජල අන්තර්ගතය හා එහි භූ රසායනික ලක්ෂණ සම්බන්ධ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.
එම පරීක්ෂණ තොරතුරු ජාත්‍යන්තර විද්‍යා සඟරාවක් වන Nature හි එළි දක්වා ඇති බවයි වාර්තා වන්නේ.