Latest News

ට්‍රම්ප් ව ඝාතනය කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඩ්‍රෝනා යානාවක් භාවිත කර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කළ හැකි බව ඉරානයේ උත්තරීතර නායක කමේනිගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන මොහොමඩ්-ජාවාඩ් ලරිජානි පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අමෙරිකාව හා ඉරානය අතර මේ සතියේ අග නෝර්වේ හි දී නැවත සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කෙරුණ ද එම සබඳතා ඉදිරියට ගෙන යාම අසීරු විය හැකි බවයි.

ට්‍රම්ප් පසුගියදා සටන් විරාමය නිවේදනය කරමින් ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් කරන බවට කළ ප්‍රකාශයෙන් පසුව කමේනිගේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශකවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම දැඩි ආන්දෝලනයක් මතු කර තිබෙනවා.

ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ද කමේනිගේ ජ්‍යේෂ්ඨ උපදේශකයාගේ මතය සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ පිහිටි ඔහුගේ මාර්-ඒ-ලාගෝ මන්දිරයේ විවේකී සුවයෙන් ගත කරන අවස්ථාවක ඩ්‍රෝන ප්‍රහාරයට ලක් විය හැකි බවටත් ඉරානය දැනුම්දී තිබෙනවා.

World News

Send your contact Details Today