Latest News

බිල් ගේට්ස් පදනමෙන් ශ්‍රී ලංකාවට වාසියක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ එහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කෘෂිකාර්මික නවීකරණය, ආහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව එහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ප්‍රකාශ කර ඇත්තේ.

World News

Send your contact Details Today