Latest News

ඊශ්‍රායලයෙන්, ගාසා තීරයේ ළමා සායනයකට අමානුෂික ප්‍රහාරයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල ප්‍රහාරයකින් ළමුන් 08 දෙනෙකු සහ කාන්තාවන් 02 දෙනෙකු ඇතුළුව පලස්තීන ජාතිකයින් 15 දෙනෙකු මිය ගිය පුවතක් විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබෙනවා.

මෙම පිරිස ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගාසා තීරයේ මධ්‍යම සායනයක් ඉදිරිපිට පෝෂණ අතිරේක සඳහා පෝලිමේ සිටියදීයි.

සායනය පවත්වාගෙන යන අමෙරිකාව පදනම් කරගත් ආධාර කණ්ඩායම පැවසුවේ මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.

කෙසේවෙතත් තමන් හමාස් ත්‍රස්තවාදියෙකුට පහර දුන් බවත් සිවිල් වැසියන්ට සිදු වූ ඕනෑම හානියක් පිළිබඳ කණගාටු වන බවත් ඊශ්‍රායල හමුදාව පවසා තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් සටන් විරාම ගිවිසුමක් සඳහා සාකච්ඡා අඛණ්ඩව සිදු වෙමින් පවතින පසුබිමක පවා ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 66 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබීම කණගාටුදායක තත්ත්වයක්.

World News

Send your contact Details Today