Latest News

ෂෙයික් හසීනාට එරෙහිව ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවෙන් අධිචෝදනා

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ ඇති වූ දේශපාලනික ව්‍යාකූලත්වයට හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරෙහිව නිල වශයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා.

හින්දුස්තාන් පුවත් සේවය වාර්තා කළේ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) විසින් මෙම අධිචෝදනා ගොනු කර ඇති බවයි.

පසුගිය වසරේ සිසුන් සියය ගණනක් ඝාතනය කළ මහජන නැගිටීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව ගොනු කර ඇති මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ චෝදනා ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව (ICT) පිළිගැනීමෙන් පසුව මෙම තීරණය ගනු ලැබුවා.

විනිසුරු ගෝලම් මෝර්ටුසා මොසුම්දර්ගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මණ්ඩලයක්, ෂෙයික් හසීනා, හිටපු ස්වදේශ කටයුතු අමාත්‍ය අසාදුස්සමාන් ඛාන් සහ හිටපු පොලිස් ප්‍රධානී චෞද්‍රි අබ්දුල්ලා අල්-මාමුන්ට චෝදනා පහක් සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කළ බව වාර්තාවේ සඳහන්.

පසුගිය වසරේ හසීනාගේ අවාමි ලීග් රජය පෙරළා දැමීමෙන් පසු අගෝස්තු 5 වන දින ෂෙයික් හසීනා ඉන්දියාවට පලා ගියා.

World News

Send your contact Details Today