YouTube වීඩියෝ සඳහා ගෙවීම් (Payment System) වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව Mass-Produced, repetitive, හෝ Low-Effort Videosවලින් මුදල් උපයා ගැනීම සීමා කිරීම අරමුණු කරගත් නව මුදල් ඉපැයීමේ ප්‍රතිපත්තියක් ජූලි 15 සිට ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ යටතේ තවත් අයෙකු Published කරන ලද වීඩියෝවක් නැවත පළ කිරීමක් සදහා මුදල් ගෙවීමක් සිදු කෙරෙන්නේ නැහැ.
Repetitive Content යටතේ ප්‍රේක්ෂකයින්ට විනෝදජනක හෝ අධ්‍යාපනික වටිනාකමක් ලබා දිය යුතු බවයි YouTube නිල සහාය පිටුවේ ප්‍රකාශයක දැක්වෙන්නේ.
මෙම ප්‍රතිපත්තිය Clickbait, Templated සහ AI-generated Content වීඩියෝ සඳහා බලපානු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
YouTube පාරිභෝගික හවුල් වැඩසටහන (YPP) සඳහා සුදුසුකම් වෙනස් වී නැහැ.
ඒ අනුව වසරක් තුළ subscribers 1000 ක්, watch hours 4000 ක් හෝ short video නැරඹුම් මිලියන 10 ක් තිබිය යුතු වනවා.
මේ අතර නව නීති උල්ලංඝනය කිරීම සඳහා අදාළ දඩුවම් පිළිබඳව පැහැදිලි කිරීමක් සඳහන් කර නොමැති අතර AI-assisted content කෙරෙහි බලපෑම කෙසේදැයි තවමත් නිශ්චිතව දක්වා නැහැ.