අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් රටවල් 7කට තීරුබදු ලිපි යැවීමට සූදානම් වනවා.
ඒ අනුව වෙළෙඳ ගනුදෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් අද තවත් රටවල් හතක් වෙත නව ලිපි නිකුත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා.
ට්‍රම්ප් රටවල් 14කට සංශෝධිත සහ වැඩි කළ තීරුබදු සඳහා ලිපි නිකුත් කළේ ඊයේ දිනයේදීයි.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් පසු ඊයේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර,ඇමරිකා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ බ්‍රිතාන්‍යය, චීනය හා ඉන්දියාව සමඟ ගිවිසුම් වලට එළැඹි බවයි.
කෙසේ වෙතත් ට්‍රම්ප් සඳහන් කර සිටියේ අගෝස්තු 01 වනදා සිට සියලුම රටවල් බදු ගෙවිය යුතු අතර එම දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවයි.
ඊයේ දිනය තුළ රටවල් 14ක තිරුබදු ප්‍රතිශත ප්‍රකාශ කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ලිපි යවනු ලැබ තිබුණා.
මේ අනුව ලාඕසයට හා මියන්මාරයට 40% ක් , තායිල්නතයට හා කාම්බෝජයට 36% ක් , බංග්ලාදේශයට හා සර්බියාවට 35% ක් , ඉන්දුනිසියාවට 32% ක් , දකුණු අප්‍රිකාවට හා බොස්නියා හර්සගොවීනා වෙත 30% ක් වශයෙන් තීරුබදු පැනවෙනවා.
මැලේසියාව , ටියුනීසියාව , ජපානය , දකුණු කොරියාව හා කසක්ස්තානයට 25% බැගින් සංශෝධිත තීරුබදු පනවා තිබෙනවා.
මෙම රටවල් අතරින් තිරුබදු ප්‍රතිශත අඩු කර ඇත්තේ ලාඕසය, මියන්මාරය, කාම්භෝජය, බංග්ලාදේශය, සර්බියාව, බොස්නියා හර්සගොවීනා, ටියුනීසියාව හා කසක්ස්තානය යන රටවලටයි.
අමෙරිකානු පරිපාලනයට අනුව මෙම බදු ලබන අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාවට නැංවෙනවා.
මාධ්‍යවේදියා – අගෝස්තු පළමුවනදා කියන්නේ නිශ්චිතවම අවසාන දිනයද?
ඩොනල්ඩ් ට්‍රම්ප් – අමෙරිකානු ජනාධිපති
“එය නිශ්චිත කියලා කියන්න පුළුවන්. ඒත් සියයට 100ක්ම නොවේ. ඔවුන් කතා කරලා. වෙනසකට සූදානම් නම් අපි වෙනස් විදිහකට කටයුතු කිරීමට සූදානම්.”
මාධ්‍යවේදියා – මේ යොමුකරන තීරුබදු ලිපි ඔවුන්ට ලබාදෙන අවසන් යෝජනාවද? ඒවා යළි සලකා බලනවාද?
ඩොනල්ඩ් ට්‍රම්ප් – අමෙරිකානු ජනාධිපති
“බොහෝදුරට අවසන් යෝජනා. අපි දැනටමත් නව තීරුබදුවලින් අමෙරිකානු ඩොලර් බිලියන 100කට වඩා උපයලා තියෙනවා. අපි බ්‍රිතාන්‍ය සමඟ, චීනය සමඟ එකඟතා ඇතිකරගත්තා. ඉන්දියාව සමඟ එකඟතාවක් ඇතිකරගැනීමට ආසන්නයි. අපි හමුවූ අනෙක් රටවල් සමඟ අපි එකඟතාවකට පැමිණෙයි කියලා මං හිතන්නේ නැහැ. ඒ නිසා අපි ඔවුන්ට ලිපි යවනවා. ඔබ කැමති එහෙම කටයුතු කරන්න නම්, ඊට ගෙවිය යුතු වන්දිය එයයි.”
මේ අතර නව තීරුබදු ප්‍රතිශත නිවේදනය කිරීමත් සමඟ ලොවපුරා කොටස් වෙළෙඳපොළ රැසක උච්ඡාවචන රැසක් වාර්තා වී තිබුණා.
එමෙන්ම ලෝක වෙළෙඳ සංවිධානය ද පවසන්නේ, මෙම තීන්දු මගින් ගෝලීය වෙළෙඳපොළේ දැඩි අස්ථාවරත්වයන් රැසක් මතුව ඇති බවයි.