Latest News

චීනයට, ජර්මනියෙන් චෝදනාවක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රතු මුහුදේ සමුද්‍ර ගමනාගමනය ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමය විසින් මෙහෙයවන ලද මෙහෙයුමකට සහභාගී වූ ජර්මානු ගුවන් යානයකට චීන හමුදාව ලේසර් ප්‍රහාරයක් එල්ල කළ බවට ජර්මානු රජය චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමින් ජරමනියේ විදේශ අමාත්‍යංශය පැවසුවේ ජර්මානු නිලධාරීන් අනතුරේ හෙළීම සහ මෙහෙයුම කඩාකප්පල් කිරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි ක්‍රියාවක් බවයි.

එමෙන්ම මේ පිළිබඳ සාකච්ඡා සඳහා ජර්මානු විදේශ අමාත්‍යංශය එරට සිටින චීන තානාපතිවරයා ද කැඳවා තිබෙනවා.

යුරෝපීය සංගමයේ Aspides මෙහෙයුමට සහභාගී වෙමින් සිටියදී ජර්මානු ගුවන් යානය රතු මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී සාමාන්‍ය මෙහෙයුමක් අතරතුර චීනය විසින් ඉලක්ක කර ඇති බව‍යි ජර්මානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ.

World News

Send your contact Details Today