Latest News

පුටින් සමඟ ට්‍රම්ප් නොසතුටින්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ තමා අසතුටින් සිටින බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

යුක්‍රේන ගැටුම් අවසන් කර සාමය කරා යාමට රුසියානු ජනාධිපතිවරයා මන්දගාමී වීම මීට ප්‍රධානතම හේතුවයි.

එම නිසා යුක්‍රේනයට තවත් ආයුධ ලබා දෙන බව ට්‍රම්ප් කියා සිටියා.

අතීතයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පුටින්ට ප්‍රශංසා කළ අයෙකු ලෙස කැපී පෙනුණා.

එහෙත් මෑත මාසවලදී එය අඩු වී ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.

සිය කැබිනට් රැස්වීමේ අදහස් දක්වමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ රුසියාව එල්ල කරන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ දහස් ගණනක් මියගොස් ඇති බවයි.

පුටින් ජනාධිපතිවරයා අසත්‍ය ප්‍රකාශ කරමින් දිගටම යුද්ධයේ නිරත වන බව ට්‍රම්ප් කියා සිටිනවා.

World News

Send your contact Details Today