Latest News

රටවල් 14 කට තීරු බදු පැනවීම කල් දැමීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රටවල් 14ක් සඳහා තීරු බදු පැනවීම දක්වා කල් දැමීමට තීරණය කළ බව එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ, අනුව ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14 කින් එක්සත් ජනපදයට ඇතුළු වන භාණ්ඩ සඳහා ඉහළ තීරු බදු පැනවීම අගෝස්තු දක්වා ප්‍රමාද කළ බවයි ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේ.

ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, කසකස්තානය සහ ටියුනීසියාවෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා 25%ක තීරු බදු පැනවීමට නියමිතයි.

එමෙන්ම දකුණු අප්‍රිකානු සහ බොස්නියානු භාණ්ඩ සඳහා 30%ක් ද, ඉන්දුනීසියාව සඳහා 32%ක බද්දක් ද අය කෙරෙනවා.

බංග්ලාදේශය සහ සර්බියාව යන රටවල් දෙකට 35%ක් ද, කාම්බෝජය සහ තායිලන්තය සඳහා 36%ක් ලෙස තීරු බදු පනවා තිබෙනවා.

ඊට අමතරව ලාඕසයෙන් සහ මියන්මාරයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 40%ක තීරු බද්දක් එක්සත් ජනපදය විසින් අය කිරීමට නියමිතයි.

රම්ප් ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ රටවල් 14 ක නායකයින් අමතමින් ඔහුගේ නවතම තීරුබදු සැලසුම් පිළිබඳව ඔවුන්ට දැනුම් දුන් ලිපි බෙදාගත් අතර, එහිදී “ඔබේ රට සමඟ අපගේ සම්බන්ධතාවය අනුව, අනුපාත ඉහළට හෝ පහළට”වෙනස් කළ හැකි බවයි සඳහන් කර සිටියේ.

World News

Send your contact Details Today