Latest News

අතිරේක තීරුබදු පැනවීමක් ගැන ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව පනවන නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිශත සඳහන් ලිපි එරට වේලාවෙන් අද දහවල් 12 සිට අදාළ රටවල් වෙත යොමුකිරීම අරඹන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ටෘෘත් සෝෂල් අඩවියේ සටහනක් තබමින් ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ BRICS සංවිධානය හඳුන්වාදෙන අමෙරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ එකඟවන ඕනෑම රටක් මත සියයට 10ක අතිරේක තීරුබදු පනවන බවයි.

එම බදු ප්‍රතිශතය කිසිසේත් වෙනස් නොකරන බවත් ඔහු අවධාරණය කර තිබුණා.

ඔහු මේ බව නිවේදනය කළේ BRICS සමුළුව බ්‍රසීලයේදී ආරම්භ වූ පසුබිමකදීයී.

2009 වසරේදී, බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව සහ චීනය පිහිටුවාගත් එම සංවිධානයට පසුකාලීනව දකුණු අප්‍රිකාව එක්වූ අතර, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුව ඊට සම්බන්ධ වුණා.

අමෙරිකානු බලධාරීන්ට අනුව තීරුබදු ප්‍රතිශත ක්‍රියාවට නැංවීමට නියමිතව ඇත්තේ අගෝස්තු මස පළමුවැනිදා සිටයි.

World News

Send your contact Details Today