Latest News

SL Presidential Election 2024: ඡන්ද ගන්න අල්ලස් දීම් ඉහළට

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඡන්දය ලබා ගැනීමට ඇතැම් මහජන නියෝජිතයින් ජනතාවට අල්ලස් ලබාදීම ඉහළ ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 84 ක් ලැබී ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

ඉන් වැඩි සංඛ්‍යාවක්, රාජ්‍ය බලය හා දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් වන බව ඔහු පැවසුවා

මැතිවරණ නීති උල්ලංඝණය සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 44 ක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රිය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසුවා.

ජනාධිපතිවරණයට අදාළව පොලිස් මෙහෙයුම් මැදිරියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9 ක්.

ඉන් පැමිණිලි 4ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ගණන 5 ක්.

මේ අතර, මැතිවරණයට අදාළ පැමිණිලි 320 ක් වාර්තා වී ඇතැයි ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළා.

ඉන් පැමිණිලි 103ක් වාර්තා වී ඇත්තේ, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටයි.

සෙසු පැමිණිලි 214, ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙනවා.

World News