Latest News

ලෝක බැංකුවෙන්, ලංකාව ගැන කළ නවතම අනාවරණය

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාව තවදුරටත් පහළ – මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා.

ඒ, මේ වසරේ ජූලි පළමු වැනිදා සිට, 2026 වසරේ ජුනි දක්වා වන ලෝක බැංකුවේ රටවල් වර්ගීකරණ වාර්තාව හරහායි.

එම වාර්තාවට අනුව ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවල් හයක් ඇතුළත් වන්නේ, පහළ – මධ්‍යම ආදායම් ලබන රටවල් කාණ්ඩයටයි.

දකුණු ආසියානු රටවලින් ඇෆ්ගනිස්තානය පමණක්, පහළ ආදායම් ලබන රටවල් කාණ්ඩයට ඇතුළත් වනවා.

2026 මූල්‍ය වර්ෂයට අදාළව, අමෙරිකානු ඩොලර් 1,136 සිට 4,495 දක්වා ඒක පුද්ගල දල දේශීය නිෂ්පාදිතයක් ඇති රටවල්, පහල මධ්‍යම ආදායම් ලබන කාණ්ඩය ලෙස නම් කර තිබෙනවා.

සෑම වසරකම ලෝක බැංකුව, එම වාර්තාව එළි දක්වන්නේ, ලොව සියලු රටවල ආර්ථික තත්ත්වය, ආදායම් කාණ්ඩ හතරකට වර්ගීකරණය කරමින්.

එම කාණ්ඩ වන්නේ, පහළ ආදායම්, පහළ මධ්‍යම ආදායම්, ඉහළ මධ්‍යම ආදායම් සහ ඉහළ ආදායම් ලෙසයි.

මෙම වර්ගීකරණය සකස් කර ඇත්තේ, පෙර වසරේ අමෙරිකානු ඩොලර් වලින් ප්‍රකාශිත ඇට්ලස් ක්‍රමය භාවිතයෙන් ගණනය කළ, රටක ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්වයි.

ලෝක බැංකුවේ එම වර්ගීකරණය, රටක සංවර්ධන ක්‍රියාවලිය පිළිබිඹු කෙරෙන ප්‍රධාන මිනුම් සාධකයක් වනවා.

එම වර්ගීකරණ දත්ත, සංවර්ධන මූල්‍යාධාර සහ ණය සහන ලබාගැනීමේදී අතිශය වැදගත් සාධකයක් බව ද, ලෝක බැංකුව පවසනවා.

World News

Send your contact Details Today