Latest News

මුහුණ ලස්සන කරගන්න ගිය කාන්තාවන්ගේ ජීවිතය අනතුරේ

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය රූපලාවන්‍ය ශිල්පිනියක් විසින් මුහුණේ රැලි අඩු කිරීම සඳහා භාවිතා කළ ටොක්ස්පියා එන්නත විෂ වී කාන්තාවක් රෝහල්ගත කර තිබෙනවා.

36 හැවිරිදි මවක වූ කේලි බේලි නම් මෙම කාන්තාවග්ගේ තත්වය මේ වන විට බරපතල වී ඇති අතර එක් ඇස පෙනීමද අහිමිවූ බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.

ඇය පවුම් 75 ක් ලබා දී වාර 3ක් සඳහා ටොක්ස්පියා එන්නත් කරගෙන තිබෙනවා.

තවද ඇයට දින තුනක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමටද සිදු වූ අතර පැය 6 ක කාලයක් ඔක්සිජන් ලබාදීමටද සිදු වී තිබෙනවා.

රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය කාන්තාව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර විමර්ශන වලින් හෙළි වූයේ ඇය දකුණු කොරියාවෙන් මෙම ව්‍යාජ ටොක්ස්පියා ආනයනය කර ඇති බවයි.

ඇය මෙම එන්නත නව ටොක්ස්පියා එන්නත් වර්ගයක් ලෙස කියමින් පාරිභෝගිකයන්ට එය ලබා දී තිබෙනවා.

තවද ඇය සම්පූර්ණ පුහුණුවක් ලද් සහ රක්ෂණයක්ද සහිත රූපලාවන්‍යවරියක් ලෙස දැන්වීම් ද පළ කර ඇති බවයි බ්‍රිතාන්‍ය පොලීසිය කියා සිටියේ.

මේ වන විටත් ටොක්ස්පියා එන්නත විෂ වී කාන්තාවන් 28 දෙනෙකු රෝහල්ගත කර ඇති බව වෛද්‍යවරුන් වාර්තා කර සිටියා.

World News

Send your contact Details Today