Latest News

ටෙක්සාස් ප්‍රාන්තයට නොසිතූ ලෙස ආ ජල කඳකින් 24ක් ජීවිතක්ෂයට – කඳවුරක සිටි ළමුන් පිරිසක් අතුරුදන්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුරක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ටෙක්සාස් ආණ්ඩුකාර ඩෑන් පැට්‍රික් පවසන්නේ මෙම ගංවතුරෙන් ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමයින් 20කට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි.

ටෙක්සාස් ප්‍රාන්තයේ ළමයින් 700 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් මෙම ගිම්හාන කඳවුර පවත්වා ඇති බවයි මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සිකුරාදා (04) දිනයේ ඇතිවූ මෙම ගංවතුර හේතුවෙන් කොපමණ පිරිසක් අතුරුදහන් වී ඇත්දැයි ඔවුන් නොදන්නා බව බලධාරීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ අතර ගංවතුරින් විපතට පත්ව සිටි පුද්ගලයින් 237 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවයි ටෙක්සාස් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මිනිත්තු 45ක් ඇතුළත ග්වාඩලූප් ගඟේ ජල මට්ටම අඩි 26ක් පමණ ඉහළ ගිය බවයි.

මේ අතර ගං වතුරට හේතුවෙන් විදුලි සංදේශ යටිතල පහසුකම්වලට හානිවීම නිසා කලාපයේ බොහෝ දෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්වීම දුෂ්කර වී ඇති බවයි වාර්තා වන්නේ.

එරට ජාතික කාලගුණ සේවය පවසන්නේ බටහිර-මධ්‍යම ටෙක්සාස් හි ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සිකුරාදා (04) දහවල් දක්වා කලාපය පුරා ධාරානිපාත වැසි ඇද හැලුනු අතර, තව දුරටත් තද වැසි ඇතිවීමේ හැකියාව පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර දකුණු මධ්‍යම ටෙක්සාස් හි බටහිර ලැනෝ ප්‍රාන්තයට හදිසි ගංවතුර අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

World News

Send your contact Details Today