ලොව පුරා මරණ මිලියන 14ක් පමණ සිදුවිය හැකි බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.
ඒ අමෙරිකා ජනාධිපතිවරයාගේ ආධාර කප්පාදුව හේතුවෙන්.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකා ඒජන්සිය හෝ USAID ආයතනය සිදුකරන වැඩසටහන් සඳහා ලබාදෙන ආධාරයන්ගෙන් 80%ක ප්‍රමාණයක් අවලංගු කරන බව පසුගිය මාර්තු මාසයේ දී ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළා.
ඒ හේතුවෙන් 2030 වසර වන විට ලොවපුරා මිලියන 14කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ අවධානමක් මතුව තිබෙන බවයි අදාළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ.
එම මරණ මිලියන 14න් තුනෙන් එකක් නොමේරු ළදරු මරණ බව ද එහි දැක්වෙනවා.
පසුගියදා ස්පාඤ්ඤයේ පැවති ජගත් සංවිධානයේ ආධාර සමුළුවේ දී මෙම වාර්තාව එළිදැක්වුණු අතර රටවල් 133ක දත්තයන් ද මෙහිදි නිකුත් කෙරුණා.
එම දත්තයන්ට අනුව 2001 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ දී ඇමෙරිකා ආධාර හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල මරණ මිලියන 91ක් වැළකී ඇති බවයි අනාවරණය වුයේ.