Latest News

සුප්‍රසිද්ධ චීන සමාගමකට කැනඩාවෙන් යන්න කියයි – හේතුව මෙන්න

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කැනේඩියානු රජය චීන වීඩියෝ නිරීක්ෂණ සහ විදුලි සංදේශ උපකරණ නිෂ්පාදන සමාගමක් වන Hikvision වෙත මෙහෙයුම් අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා.

ඒ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් හේතු දක්වමින්.

ඊට අදාළ නිවේදනය නිකුත් කර ඇත්තේ කැනඩාවේ කර්මාන්ත අමාත්‍ය Melanie Joly විසින්.

“Hikvision Canada Inc සමාගම කැනඩාවේ අඛණ්ඩ මෙහෙයුම් කැනඩාවේ ජාතික ආරක්ෂාවට හානිදායක වනු ඇතැයි රජය තීරණය කර ඇත.” යනුවෙන් Joly සිය X ගිණුමෙ හි ප්‍රකාශ කළේ කැනඩාවේ ආරක්ෂක සහ බුද්ධි ප්‍රජාව විසින් සපයන ලද තොරතුරු සමාලෝචනයකින් පසුව මෙම තීරණය ගත් බවයි.

Hangzhou Hikvision Digital Technology Co ලෙස හැඳින්වෙන Hikvision, පසුගිය වසරවලදී උතුරු ඇමරිකාවේ වැඩි වැඩියෙන් පරීක්ෂාවට ලක්ව තිබෙනවා.

චීනයේ Xinjiang කලාපයේ නිරීක්ෂණ කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව සමාගම දැනටමත් එක්සත් ජනපදයේ විවිධ සම්බාධක සහ සීමාවන්ට මුහුණ දී තිබෙනවා.

World News

Send your contact Details Today