Latest News

ඉන්සියුලින් එන්නත වෙනුවට ඉන්සියුලින් පෙත්තක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්සියුලින් එන්නතක් සඳහා විකල්පයක් ලෙස හඳුන්වාදුන් ඉන්සියුලින් පෙත්ත සම්බන්ධ රෝගී අත්හදා බැලීම් තවත් මාස කිහිපයකින් ලබාදීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු රසායනාගාර පර්යේෂකයින් පවසනවා.

මෙම නව හදුන්වාදීම වෙනුවෙන් එරට රජය විසින් ඩොලර් මිලියනයක ප්‍රදානයක් පිරිනමා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්සියුලින් පෙත්ත පළමු වර්ගයේ දියවැඩියාව සඳහා සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න ඉදිරියේදී තහවුරු කළ හැකි බවයි එන්ඩෝ ඇක්සියම් ප්‍රධාන විධායක වෛද්‍ය නිකලස් හන්ට් පැවසුවේ.

මෙය නිර්මාණය කළ නැනෝ තාක්ෂණය, සත්ව අධ්‍යයනයන්හි ආරක්ෂිත සහ ඵලාදායී ලෙස ක්‍රියා කළ බවද ඔහු පෙන්වා දෙනවා.

මෙම පෙත්ත ඉන්සියුලින් අවශෝෂණයට උපකාර කිරීම සඳහා ස්ථර තුනකින් නිර්මාණය කර තිබෙනවා.

මෙම තාක්ෂණයේ වැදගත්ම අංගය වන්නේ එය පෙත්තක් පමණක් නොව Smart Insulin යන දෙකම වීම බවයි හන්ට් කියා සිටියේ.

මිනිස් අත්හදා බැලීම් නව වසරේදී ආරම්භ කරන බව පර්යේෂක සොෆී කන්ග් සඳහන් කළා.

World News

Send your contact Details Today