Latest News

Air India ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත Recover කරයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එයාර් ඉන්දියා ගුවන් අනතුරට අදාළව සොයා ගනු ලැබූ කළු පෙට්ටියේ පටිගත කිරීමේ දත්ත සොයා ගැනීමට හැකි වූ බව ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තහවුරු කර ඇති අතර එය විමර්ශනයේ ප්‍රධාන පියවරක් සනිටුහන් කරනවා.

ජුනි 12 වන දින ඉන්දියාවේ අහමදාබාද් ගුවන් තොටුපළෙන් ලන්ඩන් බලා පිටත් වූ බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානය ගුවන් ගත වී මිනිත්තුවකටත් අඩු කාලයකදී කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 270 දෙනෙකු මිය ගියා.

ජූනි 13 සහ 16 යන දිනවල බෝයිං 787 අනතුරට ලක්වූ ස්ථානයෙන් වැඩිදියුණු කළ ගුවන් ගමන් පටිගත කිරීමේ (EAFR) කට්ටල දෙකම – “කළු පෙට්ටි” – විමර්ශකයින් විසින් මීට පෙර සොයා ගත්තා.

කෙසේවතත් රැස් කරගත් තොරතුරු නිකුත් කිරීමට සති කිහිපයක් ගත විය හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

World News

Send your contact Details Today