කැනඩාව සමඟ ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඒ අනුව සතිය තුළ කැනඩාවේ ආනයන කරනු ලබන භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් ක්‍රියාත්මක කරන බව ට්‍රම්ප් ජනධිපතිවරයා සඳහන් කරනවා.
එළඹෙන ජුලි මාසයේ මැද භාගය වන විට කැනඩාව සමඟ වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටින අතර තුර ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.
කැනඩාව විසින් අමරිකානු තාක්ෂණ සමාගම් සඳහා නව ඩිජිටල් සේවා බද්දක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමරිකාවට සෘජු ප්‍රහාරයක් බවත් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් පවසනවා.
එමෙන්ම වසර ගණනාවක් පුරා කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ, අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමඟ වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් සතියක කාලයක් තුළ තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේ.