Latest News

ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවල වැඩිවීමක්

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජනවාරි සිට ජූලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඇමරිකානු ඩොලර් මිලියන 3,710.8 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමක්.

පසුගිය වසරේ මෙම කාලය තුළ විදේශ ප්‍රේෂණ සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 3,363.6 ක් ලෙසයි.

පසුගිය ජූලි මාසය තුළදී ඩොලර් මිලියන 566.8ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙනවා.

එමෙන්ම ජනවාරි සිට ජූනි මාසය අග දක්වා කාලය තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ 10,249 ක්.

මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, එමගින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 1556.6ක් බවයි.

World News