Latest News

Air India යානයක පිදුරු ගැටළුවක් – යානය පැය 05කට අධික කාලයක් ප්‍රමාද වෙයි

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගුවන් යානයක පියාපත්වා පිදුරු සිරවීම හේතුවෙන් පැය 05කට අධික කාලයක් එම යානය ප්‍රමාද වීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස දෝෂයට ලක් ව ඇත්තේ බැංකොක් බලා පියාසර කරමින් සිටි එයාර් ඉන්දියා ගුවන් යානයක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් අදාළ ගුවන් යානය මුම්බායි හි පැය 05කට අධික කාලයක් රඳවා තබා තිබෙනවා.

ගුවන් සමාගම මෙම ගැටලුව නිරාකරණය කිරීමෙන් පසු, අවසානයේ ගුවන් යානය මෙහෙයුම් සඳහා අවසර ලබා දුන් බව එයාර් ඉන්දියා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

PTI ප්‍රවෘත්ති ඒජන්සිය විසින් flightradar24.com ගුවන් ගමන් නිරීක්ෂණ වෙබ් අඩවියෙන් ලබාගත් දත්තවලට අනුව, එයාර් බස් A320Neo ගුවන් යානයක් වන AI 2354 / 8211, මුම්බායි ගුවන් තොටුපළෙන් උදෑසන 7.45 ට පිටත් වීමට නියමිතව තිබුණු බව වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ගුවන් යානය පියාසැරිය ආරම්භ කර ඇත්තේ අලුයම 1 ට පමණ බවත් සඳහන්.

ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් මෙය තහවුරු කළ අතර, එහි සඳහන් වූයේ “2025 ජුනි 25 වන දින මුම්බායි සිට බැංකොක් දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ AI2354 යානයේ වම් තටුවට පහළින් පිදුරු සිරවී තිබීම නිසා එය අත්හිටුවන ලදී” ලෙසයි.

මෙම ගැටළුවෙන් පසු, මගීන්ට ගුවන් යානයෙන් බැස යන ලෙස ඉල්ලා සිටි අතර එම මගීන්ට සංග්‍රහ කිරීමක් ද ගුවන් සමාගමෙන් සිදු ව තිබෙනවා.

කෙසේ වෙතත්, පියාපත්වල සිරවී ඇති පිදුරු වර්ගය කුමක්දැයි මෙතෙක් හඳුනාගත නොහැකි බවත් වාර්තා වනවා.

World News

Send your contact Details Today