Latest News

Kola සතුන් 1,000කට පමණ හදි කළ වික්ටෝරියා රජයට වැඩ වරදී

Published 5 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Kola සතුන් 1,000ක් පමණ මරා දැමීම සම්බන්ධයෙන් වික්ටෝරියානු රජයට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබෙනවා.

ඒ Australians for Animals නමැති වනජීවී උපදේශක කණ්ඩායමක් විසින්.

ලැව් ගින්නකින් පසු Koala සතුන් දුක් විඳින බවට ඇති වූ කනස්සල්ල හේතුවෙන් වික්ටෝරියානු රජයේ පරිසර දෙපාර්තමේන්තුව විසින් මෙම සතුන් මරා දැමීමට අවසර දෙනු ලැබුවා.

මෙම සතුන් කුසගින්නෙන් හා තුවාල වලින් තවදුරටත් පීඩා විඳීම වැළැක්වීම සඳහා සතුන් මරා දැමීම අත්‍යවශ්‍ය පියවරක් බව පරිසර සහ දේශගුණික ක්‍රියාමාර්ග දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා කියා සිටියා.

කෙසේවෙතත් Australians for Animals සංවිධානය පවසන්නේ සතුන් මරා දැමීමට ලබාදුන් අනුමැතිය අවලංගු කර එය නීති විරෝධී බවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසයි.

එමෙන්ම , අනාගතයේදී Koala සතුන් වෙඩි තබා ඝාතනය කිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්ද ලබාදෙන ලෙස සංවිධානය විසින් ඉල්ලා සිටියා.

තවද මෙය අනුමත කළ වෛද්‍යවරුන් සහ වනජීවී විශේෂඥයින්ට විරුද්ධවද අධිකරණයේ චෝදනා ගොනු කර තිබෙනවා.

World News

Send your contact Details Today