Latest News

ශ්‍රී ලංකාවේ සක්‍රීය Credit Card ගණන ගැන නවතම අනාවරණයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.

ඒ පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව වීම විශේෂත්වයක් බවයි එම වාර්තා පවසන්නේ.

ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,055,494 ක් ලෙස සටහන් වනවා.

පසුගිය මාර්තු මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 0.8 කින් වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ පළමු මාස හතර තුළ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 2.3 කින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 4.8 කින් එසේත් නැතිනම් 91,371 කින් ඉහළ ගොස් තිබෙනවා.

World News

Send your contact Details Today