Latest News

ඊශ්‍රායලයට ආපසු පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් මාලාවක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන – ඊශ්‍රායල් යුද තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සිවිල් ජනතාවට පනවා තිබූ රැස්වීම් හා උත්සව තහනම ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගනිමින් ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

ඒ අනුව එහි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ, ඊශ්‍රායල ගුවන් සමාගම් කිහිපයක් ටෙල්අවිව් ගුවන් තොටුපොළෙන් සීමිත ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි.

බොහෝ විට අද (25) සිට ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වනවා.

දැනට පවතින සටන් විරාමය රැකගැනීමට ඉරානය හා ඊශ්‍රායලය එකඟ වී තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලයට යළි පැමිණීමට ගුවන් ටිකට් විස්තර අදාළ විදේශ රැකියා ආයතනවලින් විමසන ලෙස තානාපති කාර්යාලය ඉල්ලා සිටිනවා.

මගීන් බහුලව පැමිණීමට බලාපොරොත්තු වන බැවින් ටිකට් ලබා ගැනීමේදී තදබදයක් ඇතිවිය හැකි බවද සඳහන්ය. ටෙල්අවිව් ගුවන් තොටුපොළේ තත්ත්වය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා තානාපති කාර්යාලය අමතන ලෙස තානාපතිවරයා ඉල්ලා සිටිනවා.

මේ අතර, ඉරාන මිසයිල ප්‍රහාරයකට ප්‍රතිචාරයක් ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

එහෙත්, අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සාකච්ඡාවකින් පසු තවදුරටත් ප්‍රහාර එල්ල නොකළ බව ඔහු සඳහන් කළා.

අමරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සටන් විරාම කොන්දේසි ඊශ්‍රායලය පිළිපදින්නේ නම් පමණක් ඒවාට අනුගත වන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර ඊයේ (24) ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් ඊජිප්තුවේ කයිරෝ හරහා කොළඹට පැමිණි බව තානාපති කාර්යාලය දැනුම් දුන්නා.

World News

Send your contact Details Today