Latest News

පිලිපීනය හදිසියේම සෙළවෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් පිලිපීනයේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම භූමිකම්පනය එරට වෙලාවෙන් අද පෙ.ව. 9:59ට හට ගෙන තිබෙනවා.

භූකම්පනය පිලිපීන දූපත්වලට නැගෙනහිරින් කිලෝමීටර් 10ක මූලික ගැඹුරකින් කේන්ද්‍රගත වී ඇති බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ.

භූකම්පනයේ අපකේන්ද්‍රය ඩාවෝ පළාතේ බකුලින් සිට කිලෝමීටර් 374ක් සහ ඩාවෝ නගරයේ සිට සැතපුම් කිලෝමීටර් 483ක් පමණ දුරින් පිහිටා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් ඇතැම් ප්‍රදේශවල සුළු කම්පන වාර්තා වූ නමුත් විශාල හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today