බටහිර ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්ෆීල්ඩ්ස් හී පරිවියෙකුට ගොල්ෆ් පිත්තකින් පහර දී ඝාතනය කර පුද්ගලයින් තිදෙනෙකුට ඩොලර් 130,000 කට ආසන්න දඩයක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සිදුවීම රූගත කරමින් එය “may his soul rest in peace” ලෙස දක්වමින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවද සත්ව හිංසන විරෝධී සංගම් විසින් අධිකරණයට කරුණු දක්වා සිටියා.
පසුව පරවියාව පාදයෙන් ගෙන කසළ බඳුනකට දැමූ බවද අධිකරණයේදී හෙළි වූ අතර මෙය විනෝදය සදහා සිදුකළ අපරාධයක් බවයි සංගම් නියෝජිතයින් ප්‍රකාශ කර සිටියේ.
මෙම පුද්ගලයින් තිදෙනාට සත්ව හිංසනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර එම චෝදනා වලට වැරදිකරුවන් බව අධිකරණයේදී පිළිගෙන තිබෙනවා.
ප්‍රධාන චූදිතයා වූ 24 හැවිරිදි ලූක් මිචෙල් හට ඩොලර් 48,000ක්ද ඔහු සමග සිටි අනෙක් පුද්ගලයින් දෙදෙනාට ඩොලර් 39,000ක් බැගින් වූ දඩයක් ද නියම කරනු ලැබුවා.
මොවුන් තිදෙනාට Spent Conviction ලබාදීමද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ අතර මෙම අපරාධය පොදු ජනයාට දැනගැනීම සදහා ඔවුන්ගේ අපරාධ වාර්තාවල සටහන් කරන බවද අධිකරණය කියා සිටියා.