හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය ගත් තීරණය නැවැත්වීමට සහය වන ලෙස අමෙරිකානු රාජ්‍ය ලේකම් චීනයෙන් ඉල්ලා තිබෙනවා.
ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉරානය සමග සාකච්ඡා කිරීම සඳහා තමා චීනයට දැනුම් දුන් බවයි.
ඉරානය විසින් ලෝකයේ තෙල් හා ගෑස්වලින් හතරෙන් එකක් පමණ ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්දිය වසා දැමීම භයානක වැරැද්දක් වන බවත්
ඔවුන් එසේ කළහොත් එය ආර්ථික සියදිවි නසා ගැනීමක් බවද ඔහු පැවසුවා.
තෙල් සැපයුමට සිදුවන ඕනෑම බාධාවක් ගෝලීය ආර්ථිකයට ගැඹුරු ප්‍රතිවිපාක ඇති කරන බව ද සඳහන්.
එමෙන්ම චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ප්‍රධාන ආනයනකරුවන්ට ගෝලීය තෙල් මිල ඉහළ යාම දැඩි ලෙස බලපාන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
විශ්ලේෂකයින් පවසන්නේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ බලය පාර්ලිමේන්තුවට වඩා පාලන තන්ත්‍රයේ ආරක්ෂක නිලධාරීන්ට ඇති බවයි.