Latest News

යුධ උණුසුම මැද ඉරානය සෙලවෙයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඊශ්‍රායල යුද උණුසුම මධ්‍යයේ උතුරු ඉරානයට භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

ඒ එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේදීයි.

මෙම භූමිකම්පාව රිච්ටර් මාපක 5.1ක ප්‍රබලත්වයක් ගෙන තිබූ බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

සෙම්නාන් නගරයට කිලෝමීටර් 37ක් නිරිත දෙසින් පොළව මතුපිට සිට කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි එම ආයතනය වැඩිදුරටත් පැවසුවේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වෙනවා.

World News

Send your contact Details Today