ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන අනීතික ප්‍රහාරවලට අමෙරිකාව සෘජුවම සම්බන්ධ බවට ලැබෙන සාක්ෂි ඉහළ යෑම හේතුවෙන් ආරක්ෂක කවුන්සිලය රැස් කරන ලෙස ඉරානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිතවරයා ලිඛිතව එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති අතර, ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කරන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇතැයි ද එම ලිපියේ සඳහන් වන බවයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයකුද වන අමෙරිකාවේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලැබු එම නොසැලකිලිමත් සහ ගිනි අවුලුවනසුළු ප්‍රකාශ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබෙන බව ද සඳහන්.
මීට පෙර ඊශ්‍රායලය විසින් පළමුවරට ඉරානයට පහරදීමෙන් පැය කිහිපයකට පසු ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් කැඳවූ බවත්, එහිදී අමෙරිකාව ඊශ්‍රායල හමුදාවේ ප්‍රහාරය සාධාරණීකරණය කරමින් ප්‍රකාශයක් නිකුත් කළ බවත් වාර්තා වනවා.