තායි අගමැතිනියට ඉල්ලා අස්වන ලෙස එරට ජනතාවගෙන් බලපෑම් එල්ල වන බව වාර්තා වනවා.
තායි අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා සහ කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් අතර උග්‍ර වෙමින් පවතින දේශ සීමා ආරවුලක් පිළිබඳ දුරකතන සංවාදයක් මාධ්‍යට නිකුත් වීමෙන් පසු ඇයගේ සභාග රජය බිඳ වැටෙමින් පවතිනවා.
මෙය මහජන කෝපයට හේතු වී තිබෙනවා.
මෙය 38 හැවිරිදි ෂිනවත්‍රාගේ ඇමතුමේ දී ඇය පවුලේ මිතුරෙකු සහ අග්නි දිග ආසියා කලාපයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන හුන් සෙන්ව මාමා ලෙස ඇමතු අතර තායි හමුදා නිලධාරියෙකු නෙරපා හරින බවද ප්‍රකාශ වී තිබෙනවා.
කාම්බෝජ නායකයෙකු සමග තමා කළ සංවාදයේ හඩපටය පිටවීම නිසා මහජන අප්‍රසාදයට හේතු වීම ගැන සමාව අයදින බවයි ඇය පවසා ඇත්තේ.