ඊශ්‍රායලයේ අමෙරිකානු තානාපති කාර්යාලය වසා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගත වී ඇති යුද ගැටුම් හේතුවෙන්.
සිය රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂක පියවරක් ලෙස එම තීරණය ගත් බවත්, ජෙරුසලම් සහ ටෙල් අවීව් නගරවල පිහිටි කොන්සියුලර් කාර්යාල වසා දැමූ බව අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර යුද ගැටුම් දරුණු අතට හැරී ඇති බැවින් ඊශ්‍රායලයේ සිටින අමෙරිකානු පුරවැසියන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බව එරට අමෙරිකානු තානාපති මයික් හකබී ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලයෙන් ඉවත්වීමට අවශ්‍ය අමෙරිකානුවන්ට ඒ සඳහා ගුවන්යානා සහ මුහුදු යාත්‍රා සූදානම් කිරීමට ද කටයුතු කරමින් සිටින බව තානාපති මයික් හකබි වැඩිදුරටත් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.