Latest News

AI නිසා Amazon සේවකයින්ට අනතුරු ඇඟවීමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Amazon සමාගම සිය සේවකයින්ට අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කෘතිම බුද්ධිය (AI) Amazon හි ඉදිරි වැඩකටයුතු සඳහා යොදාගැනීමට නියමිත බැවින් කුඩා ශ්‍රම බලකායක් පමණක් අවශ්‍ය වනු ඇති බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

Amazon ප්‍රධාන විධායක ඇන්ඩි ජැසි පැවසුවේ AI හි කාර්යක්ෂමතාව ඉහළ යා‍ම, මිනිස් ශ්‍රම බලකාය අඩු කිරීමට හේතු වන බවයි.

ඒ හේතුවෙන් ඇතැම් වෘත්තකයින් අඩු වැඩි වශයෙන් වෙනස් කිරීමට සිදුවන බවද ඔහු කියා සිටියා.

එහෙත් ඉදිරි අනාගතයේ Amazon හි AI බහුලව භාවිතා කිරීමෙන් කාර්යක්ෂමතාවය ඉහළ යන බැවින් ආයතනික ශ්‍රම බලකාය අඩු කිරීමට සිදුවනු ඇති බවයි සමාගමේ ප්‍රධාන විධායකවරයා වැඩිදුටත් සඳහන් කළේ.

මේ අතර පසුගියදා Anthropic ප්‍රධාන විධායක ඩාරියෝ අමෝඩි අනතුරු ඇඟවූයේ technology ක්ෂේත්‍රයේ විරැකියාව වැඩිවීම ඉදිරියේදී ඉක්මනින් සිදුවනු ඇති බවයි.

World News

Send your contact Details Today