Latest News

ඊශ්‍රායලයට ඇතුල්වීමට හා පිටවීමට විශේෂ මාර්ගයක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන් තොටුපල ජාත්‍යන්තර ගුවන් ගමන් වසා දැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන් වාර සකස් කර ගත හැකි බව ඊශ්‍රායිල විදේශ ඇමති Gideon Sa’ar මහතා ප්‍රකාශ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවතී හමුවේ දී ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කරන්නේ කවදා ද යන්න විමසූ අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කළේ ඒ පිළිබඳව නිශ්චිත දිනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන් තොටුපල හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩ බිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවිය හැකි බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට හෝ ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා පිටවීමට අපේක්ෂා කරන පිරිසට එලාට්න ගරය හරහා ඇති දේශසීමාවලින් කෙටිකාලින වීසා ලබාගෙන අදාළ රටවලට අතුල්විමටත් ශ්‍රී ලංකාවේ සිට අදාළ රටවල්වල කෙටිකාලිනවීසා ලබාගෙන මෙම රටවල් හරහා ඊශ්‍රායලයට පැමිණීමට හැකියාව් තිබෙන බව නිමල් බණ්ඩාර මහතා පැවසුවා.

World News

Send your contact Details Today