Latest News

✈ එයාර් ඉන්දියා අනතුරින් පසුව චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් අතුරුදන්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ දිනයේ සිට එම ප්‍රදේශය අසලින් ගමන් කරමින් සිටි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් අතුරුදහන් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ සිය සැමියාගේ ජංගම දුරකථනයේ සංඥා අනුව ඔහු අවසන්වරට සිට ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් අනතුර සිදු වූ ස්ථානයට මීටර් 700 ක් දුරින් බව පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි.

ඒ අනුව ඔහුගේ පවුලේ අය DNA සාම්පල ඉදිරිපත් කර ඇති බව සඳහන් වනවා.

නරෝඩා හි පදිංචි මහේෂ් කලවාඩියා නොහොත් මහේෂ් ජිරාවාලා රජකාරි කටයුත්තක් සඳහා අනතුර සිදු වූ දා දහවල් ලෝ ගාර්ඩන් ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු හමුවීමට ගිය බවයි ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ.

“මගේ සැමියා මට කතා කරලා කිව්වා එයාගේ රැස්වීම ඉවර වෙලා ගෙදර යනවා කියලා. නමුත් එයා ආපහු ආවේ නැති නිසා මම එයාගේ ෆෝන් එකට කතා කළා, ඒත් ඒකත් ඕෆ් කරලා තිබුණා. පොලීසියට දැනුම් දුන්නට පස්සේ, එයාගේ ජංගම දුරකථනයේ අන්තිම තැනින් පෙන්නුවා එයා අනතුර වෙච්ච තැන ඉඳන් මීටර් 700ක් ඈතින් ඉන්නවා කියලා,”

“පස්වරු 1:40 ට විතර එයාගේ ෆෝන් එකත් ඕෆ් වෙලා. එයාගේ ස්කූටරය සහ ජංගම දුරකථනය අතුරුදහන් වෙලා. මේ සියල්ල අසාමාන්‍යයි, මොකද එයා කවදාවත් ගෙදර එන්න ඒ පාර පාවිච්චි කළේ නැහැ . අනතුර නිසා බිම වැටිලා මැරුණු අයගෙන් කෙනෙක්ද කියලා බලන්න අපි DNA සාම්පල ඉදිරිපත් කරලා තියෙනවා,”

බොහෝ මළ සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී හෝ වෙනත් ආකාරයකින් හානි වී ඇති බැවින්, මියගිය අයගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා බලධාරීන් DNA පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.

මේ වන විට අනතුරින් 270 දෙනෙකේ ජීවිතක්ෂයට පත් ව ඇති අතර, DNA ගැලපීම මඟින් වින්දිතයින් 47 දෙනෙකු හඳුනාගෙන ඇති බව තහවුරු කර තිබෙන අතර බලධාරීන් මළ සිරුරු 24 ක් වින්දිතයින්ගේ පවුල්වලට භාර දී ඇති බව සඳහන්.

World News

Send your contact Details Today