Latest News

ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමක් ගැන ඊශ්‍රායල අගමැති හෙළිකරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරානය විසින් න්‍යෂ්ටික අවි සංවර්ධනය ක්‍රියාකාරීව සිදුකරන බවත්, එය තම රටට බරපතළ තර්ජනයක් බවත් පවසමින් ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ආක්‍රමණයක් එල්ල කර තිබෙනවා.

ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස ඉරානය ද ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කළා.

මේ වන විට ඊශ්‍රායලය සහ ඉරානය තුන්වන දිනටත් අඛණ්ඩව එකිනෙකාට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, මෙම ගැටුම පුළුල් යුද්ධයකට තුඩුදෙනු ඇතැයි බියක් මතුවී තිබෙනවා.

මෙම උණුසුම් වාතාවරණය තුළ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කම්පන සහගත ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, ඉරානය විසින් අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

දේශීය රූපවාහිනී නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැති නෙතන්යාහු මෙසේ පැවසුවා…

“ඉරානය ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටිනවා. ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට බරපතළ තර්ජනයක් ලෙස ඔවුන් සලකනවා. ඒ නිසා ඔවුන් ඔහුව ප්‍රථම ඉලක්කය ලෙස තෝරාගෙන ඝාතනය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයෙන් ලෝකය ආරක්ෂා කිරීමට අවශ්‍ය ඕනෑම ක්‍රියාමාර්ගයක් අපි ගන්නවා.”

World News

Send your contact Details Today