තායිවානය විසින් ඉන්දීය නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බළකායට ස්තූතිය පළකර තිබෙනවා.
ඒ කේරළ වෙරළට ඔබ්බෙන් ගිනි ගැනීමට ලක්වූ සිංග්ප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවේ සිටි සිය පුරවැසියන් මුදාගැනීම සම්බන්ධයෙන්.
එම නෞකාව ඉකුත්දා ගිනිගන්නා අවස්ථාවේදී එහි කාර්යමණ්ඩල සාමාජිකයින් 22 දෙදෙනෙකු සිටි අතර 18 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් මුදාගෙන තිබුණා.
එම කාර්යය මණ්ඩලය අතර තායිවාන ජාතිකයින් 06 දෙනෙකු, චීන ජාතිකයින් 08 දෙනෙකු, මියන්මාර ජාතිකයින් පස් දෙනෙකු සහ ඉන්දුනීසියානුවන් දෙදෙනෙකු සිටියා.
එමෙන්ම නෞකාවේ සිටි සිය පුරවැසියන් මුදා ගැනීම සම්බන්ධයෙන් චීනය ද ඉන්දියාවට ස්තූතිය පළකර තිබෙනවා.