ඊශ්‍රායලය විසින් ඉරානයට සිදුකළ ප්‍රහාරයට ඉරානය දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.
ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ මිසයිල කඳවුරු වෙත ප්‍රහාර මාලාවක් එල්ල කළා.
මෙම ප්‍රහාරයෙන් ඉහළ හමුදා නායකයින් හා න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුලු පිරිසක් ඝාතනයට ලක්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරාන ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉරාන පාලනයට එරෙහිව නැගී සිට නිදහස ලබා ගන්නා ලෙසයි.
ඊශ්‍රායලය සිදුකළ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ඩ්‍රෝන හා බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල ජාතිකයින්ට තම ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම රජය ජනතාවට දැනුම් දී තිබෙනවා.