Latest News

ඉන්දියාවේ වෙරළ තීරය ආසන්නයේ අනතුරට පත් නෞකාවේ අපද්‍රව්‍ය නිසා ලංකාවටත් බලපෑම්

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවේ කේරළ වෙරළ තීරයට නාවුක සැතපුම් 38ක් ඔබ්බෙන් මුහුදු ප්‍රදේශයේ දී ඉකුත් 25 දා අනතුරට පත් ලයිබීරියාවේ ධජය සහිත (MSC ELSA 3) බහාලුම් නෞකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මන්නාරම ,කිලිනොච්චි සහ හලාවත වෙරළ තීර වලට සහ ඩෙල්ෆ්ට්, නාගදීප වෙරළට ගොඩ ගසා ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළා.

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවද ගුණසේකර මහතා පැවසුවා.

පවතින වර්ෂාව සහ මුහුද රළු වීම නිසා එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිවයිනේ වෙනත් වෙරළ කලාප වලට ගොඩගැසීමේ අවදානමක් පවතින බැවින් එවැනි සිදුවීමක් වුවහොත් ඒ පිළිබදව 1949 හදිසි මෙහෙයුම් මැදිරියට දැනුම් දෙන ලෙස සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළා.

අනතුරට පත් නෞකාවේ බහාලුම් 643 තිබී ඇති අතර බහාලුම් 13ක අන්තරායකාරී ද්‍රව්‍ය ඇතුලත් වී තිබෙන බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවා.

බහාලුම් 12ක කැල්සියම් කාබයිට් අන්තර්ගතව තිබු බවට වාර්තා වී ඇතැයි ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමානාධිකාරී ජගත් ගුණසේකර මහතා සඳහන් කළා.

මෙම බහාලුම් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදු විය හැකි බලපෑම අවම මට්ටමක පවතින බව ද ගුණසේකර මහතා සඳහන් කළා.

මෙම අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ඇති බලපෑම පිළිබඳව පැහැදිලි කිරීමට පරිසර අමාත්‍යාංශයේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ජගත් ගුණසේකර මහතා සඳහන් කළේ නෞකා අනතුර හේතුවෙන් මත්ස්‍ය පරිභෝජනයට හෝ ධීවර කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තහනමක් පනවා නොමැති අතර එවැනි අවශ්‍යතාවයක්ද මතුව නොමැති බවයි.

එහිදී ජගත් ගුණසේකර මහතා පැවසුවේ ඉන්දියාවෙන් සහ ජාත්‍යන්තර ආයතන වලින් ද නාවික හමුදාවෙන් ද අදාළ අනතුර සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු ලැබෙන අතර ඒ පිළිබඳව අවධානයෙන් පසුවන බවයි.

නෞකා අනතුර හේතුවෙන් පරිසර පද්ධතියට හෝ වෙරළ කලාප වලට බලපෑමක් සිදුව ඇත්දැයි සොයාබැලීම සදහා නාරා ආයතනය, ධීවර දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යංශය දැනුවත් කර ඇතැයිද ගුණසේකර මහතා සඳහන් කළා.

මුහුදු ඇතුළු පරිසර කළාප වල වෙසෙන ජීවින්ට බලපෑමක් සිදු විය හැකිදැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

World News

Send your contact Details Today