Latest News

✈ අහමදාබාද් ගුවන්යානා අනතුර: කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගැනේ

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

කඩා වැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ කළු පෙට්ටි දෙකෙන් එකක් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාව විසින් මෙහෙයවනු ලබන විමර්ශනයට එක්සත් රාජධානියේ ගුවන් අනතුරු විමර්ශන ශාඛාව, එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය සහ බෝයිං හි විශේෂඥයින් ද සම්බන්ධ වී තිබෙනවා.

ගුජරාටයේ අහමදාබාද් ප්‍රදේශයේ ඊයේ (12) දහවල් එයාර් ඉන්දියා ගුවන් සේවයේ ලන්ඩන් බලා යන බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් (AI171) ගුවන්ගත වී තත්පර 33කට පසුයි මෙසේ කඩා වැටුණේ.

මගීන් 230 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් ගුවන් යානය, මේඝානි නගර් ප්‍රදේශයේ පිහිටි බීජේ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය නේවාසිකාගාරයකට කඩා වැදීමෙන් එම ගොඩනැගිල්ල ද ගිනිබත් වූවා.

යගිය අය අතර හිටපු ගුජරාට් මහ ඇමති විජේ රූපානි ද විය.

මියගිය අය අතරින් 169 දෙනෙකු ඉන්දියානු ජාතිකයන් වන අතර, 53 දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන්, එක් කැනේඩියානු ජාතිකයෙක් සහ 7 දෙනෙකු පෘතුගීසි ජාතිකයන් වන බවයි එයාර් ඉන්දියා නිල ප්‍රකාශයේ සඳහන් වන්නේ.

යානයේ සිටි සියලුම මගීන්ගෙන්, 11A හි අසුන්ගෙන සිටි ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික විශ්වාෂ් කුමාර් රමේෂ් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත්තා.

World News

Send your contact Details Today