ශ්රී ලංකා මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 35 දෙනෙකු වයඹ මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමග වයඹ මුහුදේ, කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එහිදී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා හතරක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් කල්පිටිය නාවික නෞකා විජය ආයතනය වෙත රැගෙනවිත් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් කල්පිටිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතයි.