Latest News

ට්‍රම්ප්ගේ ප්‍රකාශයක් නිසා ඉරාකය ඇතුළු මැදපෙරදිග ආතතීන් ඉහළයාමේ අවදානමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාකයේ බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ යැපෙන්නන් වහාම ඉවත් කර ගැනීමට එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ආරක්ෂක අවදානම ඉහළ යාම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

අමෙරිකානු රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට, මේ වන විටත් එම කාර්ය මණ්ඩලය ඉරාකයෙන් ඉවත් වෙමින් සිටින අතර, ඉවත් කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදු කෙරෙමින් පවතිනවා.

කෙසේ වුවත්, මෙම ඉවත් කිරීමට නිශ්චිත හේතුවක් එළිදරව් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ඉරාකයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ තොරතුරු අනුව, වර්තමානයේ අමෙරිකානු හමුදා භටයින් ආසන්න වශයෙන් 2,500ක් එරට රැඳී සිටිනවා.

මෙම භටයින් ප්‍රධාන වශයෙන් ඉරාක ආරක්ෂක අංශවලට උපදේශන සහ පුහුණුව ලබා දීමේ කටයුතුවල නිරතව සිටින බව සඳහන්.

මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (11) ප්‍රකාශ කර ඇත්තේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එරට සමඟ ගිවිසුමකට එළඹීමේ හැකියාව පිළිබඳව තමන් තුළ ඇත්තේ සුළු විශ්වාසයක් බවයි.

මෙම ප්‍රකාශය ඉරාකය ඇතුළු මැදපෙරදිග කලාපයේ භූ-දේශපාලනික ආතතීන් ඉහළ යාමට හේතුවක් විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.

බැග්ඩෑඩ්හි තානාපති කාර්යාලයේ අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩලය ඉවත් කිරීමත් සමඟ, එක්සත් ජනපදය එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කරමින් සිටින බව පැහැදිලි වනවා.

මෙම තත්ත්වය ඉදිරියේදී ඉරාකයේ ස්ථාවරත්වයට සහ එක්සත් ජනපද-ඉරාක සබඳතාවලට බලපෑම් එල්ල කළ හැකි බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

World News

Send your contact Details Today