Latest News

අප්‍රිකානු රටවල් 53 කට චීනයෙන් දුන් සහනය

Published 9 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ලින් ජියෑන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) බෙයිජිංහිදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා.

වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් ඔහු චීන-අප්‍රිකා සහයෝගීතා සංසද ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම පිළිබඳ අමාත්‍ය මට්ටමේ සම්බන්ධීකාරක සමුළුවේ තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කර තිබෙනවා.

ඊයේ (11) චීනයේ හුනාන් පළාතේ පැවති එම රැස්වීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් ලිපියක් යවමින්, චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති අප්‍රිකානු රටවල් 53 ක නිෂ්පාදිත අයිතම්වලින් 100% ක් සඳහා ශුන්‍ය තීරුබදු පියවර ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළා.

එය අප්‍රිකාවේ ඌන සංවර්ධිත රටවලින් චීනයට අපනයන සිදු කිරීමට වඩාත් පහසුවක් ගෙන දෙනවා.

එමෙන්ම චීනයට සහ අප්‍රිකාවට ඒකාබද්ධ නවීකරණය ප්‍රවර්ධනය කිරීමට සහ නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්ව-කාලීන චීන-අප්‍රිකා ප්‍රජාවක් ගොඩනැගීමට එය වැදගත් මග පෙන්වීමක් සපයන බවයි ලින් ජියෑන් මහතා එහිදී පැවසුවේ.

චීනය සැමවිටම අප්‍රිකානු රටවල් සමඟ සමගිය හා සහයෝගීතාවය ශක්තිමත් කිරීම සිය විදේශ ප්‍රතිපත්තියේ වැදගත් පදනමක් ලෙස සලකා තිබෙනවා.

World News

Send your contact Details Today