Latest News

ගාසා තීරයට බෝට්ටුවකින් ආධාර රැගෙන ගිය පිරිසක් ඊශ්‍රායලයෙන් පිටුවහල් කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යමින් තිබූ නෞකාවක් ඊශ්‍රායල ග්‍රහණයට ගැනීමෙන් පසු එහි සිටි ප්‍රසිද්ධ දේශගුණික විපර්යාස පිළිබඳ සමාජ ක්‍රියාකාරිනියක වූ ග්‍රේටා තුන්බර්ග් ඇතුළු දෙදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු පිටුවහල් කිරීමට ඊශ්‍රායලට පියවර ගෙන තිබෙනවා.

ග්‍රේටා තුන්බර්ග් ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන්, යුරෝපීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ මාධ්‍යවේදීන් ඇතුළු 12 දෙනෙකුගේ කණ්ඩායමක් ගාසා තීරයට මානුෂිය ආධාර රැගෙන පසුගියදා ඉතාලියේ සිසිලියා දූපතේ සිට ගමන් ආරම්භ කර තිබුණා.

පසුව එම ඊශ්‍රායල බලධාරීන් විසින් අදාළ නෞකාව ඊශ්‍රායල වෙරළට රැගෙන ගිය බවත් පසුව මාධ්‍ය වාර්තා පළවුණා.

කෙසේ වෙතත් පසුව තුන්බර්ග් ඇතුළු කිහිප දෙනෙකු පිටුවහල් කිරීමට එකඟ වී ඇති අතර අනෙක් ක්‍රියාකාරීන් පිරිස පිටුවහල් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම පිරිසගේ නඩු විභාගය ඊශ්‍රායල අධිකරණය විසින් විභාග කිරීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මේ අනුව ග්‍රේටා තුන්බර්ග් ඇතුළු දෙදෙනෙකු සහ මාධ්‍යවේදියෙකු පිටුවහල් කිරීමට එකඟ වී ඇති අතර ඔවුන් ස්වීඩනය බලා පිටුවහල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

World News

Send your contact Details Today