Latest News

ලොස් ඇන්ජලීස් නගරයේ විරෝධතා ආවරණය කරමින් සිටි මාධ්‍යවේදිනියකට රබර් උණ්ඩ ප්‍රහාරයක් (VIDEO)

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොස් ඇන්ජලීස් නගරයේ විරෝධතා ආවරණය කරමින් සිටි ඔස්ට්‍රේලියා මාධ්‍යවේදිනියකට රබර් උණ්ඩ ප්‍රහාරයක් වැදීම සම්බන්දව ඔස්ට්‍රේලියා රජය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ පළවෙන වීඩියෝ දර්ශනවල නිලධාරියෙකු තම ආයුධය මාධ්‍යවේදිනිය වෙතට හරවා වාර්තාව අවසන් කළ පසු වෙඩි තැබූ බව පැහැදිලිව දැක්වෙන බව රජය පෙන්වා දුන්නා.

ඔස්ට්‍රේලියා රජය පවසන්නේ ඔවුන් මාධ්‍යවේදිනිය සමඟ නිරන්තරයෙන් සම්බන්ද වී සිටින බවයි.

තවද ලොස් ඇන්ජලීස් හි ඔස්ට්‍රේලියානු කොන්සල් ජෙනරාල්වරයා මගින් අවශ්‍ය උදව් ලබා දීමට සූදානම් බවද විදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කලේ ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය නිදහස සහ සියලුම මාධ්‍යවේදින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් කටයුතු කරන බවයි.

මේ අතර ඇමරිකාවේ සිටින ඔස්ට්‍රේලියානුවන්ට පෙළපාලි සහ විරෝධතා සිදුවන ප්‍රදේශවලින් ඉවත් වී සිටින ලෙස රජය උපදෙස් ලබා දී තිබෙනවා.

ජුනි 15 සහ 17 දිනයන් වල කැනඩාවේ පැවැත්වෙන G7 සමුළුවේදී ඔස්ට්‍රේලියා අගමැති සහ ජනාධිපති ට්‍රම්ප් හමුවීමට නියමිතයි.

World News

Send your contact Details Today