Latest News

ට්‍රම්ප්ට තවත් නඩුවක් වැටෙන ලකුණු

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සංක්‍රමණික විරෝධතා පාලනය කිරීමට ජාතික ආරක්ෂක භටයින් යෙදවීම සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට නඩු පවරන බව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසනවා.

ලොස් ඇන්ජලීස් හි නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂක භටයින් යෙදවූවා.

කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් ඊට දැඩි විරෝධයක් පළ කළ අතර මෙම පියවර සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනයට නඩු පවරන බව ඔහු සඳහන් කරනවා.

මේ අතර විරෝධතා මෙම අතරතුර වාහන ගිනි තැබීම් මෙන්ම කොල්ලකෑම් කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.

එමෙන්ම මාධ්‍යවේදිනියකට රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල වී තුවාල ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජාතික ආරක්ෂක ඒකක විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් පවා භාවිත කර තිබෙනවා.

නගරයේ ප්‍රධාන අධිවේගී මාර්ගය වන 101 මාර්ගය අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරත වන අතර ඔවුන් ඉවත් කිරීම සඳහා ආරක්ෂක අංශ දැඩි පරිශ්‍රමයක් දරුවා.

World News

Send your contact Details Today