Latest News

ට්‍රම්ප් විසින් අමතර ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස්වලට යොමු කරයි

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් සහ මැරීන් භටයින් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යවා තිබෙනවා.

ඒ නීතිවිරෝධී සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලටයි.

ව්‍යාජ අවසරපත් භාවිත කරමින් අමෙරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා නියෝග කළා.

අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ආරම්භ වූ අතර ලොස් ඇන්ජලීස් හී එම විරෝධතා දැඩි මුහුණුවරක් ගත්තා.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජාතික ආරක්ෂක භටයින් 2,000ක් යෙදවීමට පියවර ගැනීමත් සමඟයි.

මේ අතර අමෙරිකාවේ විරෝධතා පැවැත්වෙන අතරතුරද ලොස් ඇන්ජලීස් නගරය පුරා සංක්‍රමණිකයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතු සිදුවෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

World News

Send your contact Details Today