Latest News

ට්‍රම්ප් චීනයට නෑගම් යාමට සූදානමක්

Published 6 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී චීනයේ සංචාරයක නිරත වන බවට ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීන ජනාධිපති ෂී ඡින් පින් සමඟ ඊයේ දුරකථන සංවාදයක නිරත වෙමින් ඔහු මේ බව දැනුම් දී ඇති බවයි.

අමරිකානු ජනාධිපතිවරයා පෙබරවාරි මාසයේදී චීනය සමග වෙළද යුද්ධයක් ආරම්භ කිරීමෙන් පසු දෙරටේ නායකයින් සිදු කළ පළමු සාකච්ඡාව මෙය වනවා.

චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ, මෙම දුරකතන සංවාදය ධවල මන්දිරයේ ඉල්ලීම මත සිදු වූ බවයි.

විදෙස් වාර්තා සඳහන් කළේ පැය එකහමාරක කාලයක් පැවති සාකච්ඡාවේදී ද්විපාර්ශවික වෙළදාම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවයි.

World News

Send your contact Details Today